spot_img
spot_img

රජයේ මුද්‍රණාලයාධිපතිනිය‌ගෙන් දැනුම්දීමක්

මැතිවරණ 05කට ප්‍රමාණවත් ලිපි ද්‍රව්‍ය රාජ්‍ය මුද්‍රණාලය සතු බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

ඒ , මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ (09) පැවති සාකච්ඡාවකදීයි.

ජනාධිපතිවරණයට පූර්ව සූදානම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වුණා.

ඊට පොලිස්පතිවරයා හා තැපැල්පතිවරයා ද එක්ව සිටි බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

සාකච්ඡාවේ දී රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසා ඇත්තේ පෙර මැතිවරණවලට සාපෙක්ෂව මෙවර මුද්‍රණ වියදම හතර ගුණයකින් ඉහළ යන බවයි.

ඒ සම්බන්ධ දල ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට කඩිනමින් ලබා දෙන බව ද ඇය පවසා තිබෙනවා.

මේ අතර පොලිස්පතිවරයා එම සකාච්ඡාවේ දී පවසා ඇත්තේ ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ සිට මැතිවරණය අවසන් වන තෙක් සියලු ආරක්ෂක වැඩපිළිවෙළ සංවිධාන කරන බවයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ‍බෙදා හැරීම ඇතුළු ජනාධිපතිවරණයට අදාළ සියලු කටයුතු කිසිඳු බාධාවකින් තොරව ඉටුකිරීමට තැපැල්පතිවරයා ද පොරොන්දු වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති R.M.A.L. රත්නායක මහතා සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ අයැදුම්පත් ඇතුළු ලේඛන මුද්‍රණය මේ වනවිටත් ආරම්භ කර ඇති බව ඔහු කියා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමි වනු ඇති.

ඒ අනුව, මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව, සභාපතිවරයා සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...