ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ එල් රත්නායක මහතාට අද (17) දැනුම් දුන්නා.
ඔහු මෙසේ පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීයි.
අවශ්‍යතා පරිදි මුදල් වරින්වර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අනතුරුව දීර්ඝව සාකච්ඡා වී තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අයවැය ලේඛනයෙන් වෙන්කරනු ලැබ ඇති මුදල රුපියල් කෝටි 1000 ක්.
මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවන දිනය මේ මස 30හෝ 31 නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සදහන් කළා.
එම දිනය සම්බන්ධයෙන් කොමිසම සාකච්ඡා කරගෙන යන බවද ඔහු පැවසුවා.




