spot_img
spot_img

ෆොන්සේකා ගැන සජබ තීරණයක් අරන්

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු‍ කටයුතුවලින් ඉවත් කර තිබෙන බවට වාර්තා වනවා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සදහන් කළේ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී කර නොගැනීමටද තීරණය කර ඇති බවයි.

පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගත් බව පැවසෙනවා.

තවද මෙතෙක් කලක් දරනු ලැබු සමගි ජන බලවේගයේ කැලණිය ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඉවත් කර තිබෙන බවට වාර්තා වනවා.

එම තනතුර ඔහුගෙන් ඉවත් කර සමගි ජන බලවේගයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහත වෙත ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙන බව පැවසෙනවා.

සරත් ෆොන්සේකා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර පවතින විරසකය මීට හේතුවි තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතුද ඉදිරියේදී සිදු කරන බව සඳහන් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...