spot_img
spot_img

සචිත්‍රගේ නිවස බින්ඳ හොරා අත්අඩංගුවට

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අද (13) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

මෙම සොරකම් ඉකුත් ජුනි 22 දා රාත්‍රි සිදුව තිබුණි.

එහිදී සැකකරු ලැප් ටොප් යන්ත්‍රයක්, ටැබ් 02, වටිනා අත් ඔරලෝසු පහක් ,අත් පලදනා හතරක් , කනේ පළඳින මුදු දෙකක් රුපියල් දස දහසක මුදලක් සොරාගෙන තිබූ අතර පසුව එම භාණ්ඩ සැකකරුගෙ නිවසේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමග සොරකම සඳහා භාවිතා කළ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර කොට්ටාව තලංගම මහරගම පොලිස් වසම් වල නිවෙස් හා වෙලද සැල් බිද දේපොළ කොල්ලකෑමේ සිද්ධීන් ගණනාවකට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින්නෙකි.

තලංගම උතුවන්කන්දේ පදිංචි 34 හැවිරිදි සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය පරීක්ෂණ පවත්වති.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...