spot_img
spot_img

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතුවලට මිලියන 800ක්

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා උපරිමය රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් වැයවනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.

රජයේ මුද්‍රණාලයාධිපති, ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ, ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත්, ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩුවිය හැකි බවද ඇය ප්‍රකාශ කළා.

රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඊට අදාල පත්‍රිකා මුද්‍රණය සඳහා ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත්, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ, මැතිවරණයකදී රාජ්‍ය නිලධාරින් රාජකාරියට යොදා ගැනීමට අදාළ සංගණන පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...