spot_img
spot_img

ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කිරීමේ තීරණයක්

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් කොළඹ කිංස්බරි හෝටලයේ දී මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණා.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන තේ වලින් වැඩි කොටසක් මිල දී ගනු ලබන්නේ ඉරානය විසින්.

එමෙන්ම ඉරානයෙන් ශ්‍රී ලංකාව විසින් ලබා ගත් ණය ආර්ථික අර්බුදය හේතුවෙන් ගෙවීමට නොහැකිව සිටි අවස්ථාවේ ඒ සඳහා තේ ලබාගෙන එම ණය මුදල් කපා හැරීමට ඉරාන රජය පියවර ගත්තා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...