spot_img
spot_img

අධිකරණයට ඉදිරිපත් වූ ඩයනාට ඇප

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙම මෝසම කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිට නැහැ.

එමෙන්ම ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ද ඇයට ඇප දීමට විරුද්ධත්වයක් නොදැක්වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටින ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...