Friday, June 5, 2026
spot_img
spot_img

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා විසඳීමට රජයට අවශ්‍ය වුව ද 2024 අයවැය ලේඛනය මඟින් ඒ සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ හැකිවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආශ්‍රිත වැටුප් විෂමතා ඇතුළු වැටුප් සම්බන්ධව පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සමන්විත කමිටුවක් මේ වන විටත් පත්කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව ඒ සඳහා විසඳුම් නිර්දේශ ඉදිරිපත් කර 2025 අයවැය ලේඛනයෙන් සම්පූර්ණ විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණයකට ද එළඹ ඇති බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...