Friday, June 5, 2026
spot_img
spot_img

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ජුනි මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර තිබුණා.

ඒ, බලපත්‍රයක් නොමැතිව වටිනා දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී ඔවුන් මුදාගැනීමට පොලිස් රාජකාරියට බාධා සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

කොටවිල පොලීසියේ නිලධාරීන් පසුගියදා කොටවිල වරකාපිටිය මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතවී සිට තිබුණා.

එම අවස්ථාවේදී මාර්ගයේ ධාවනය වු කුඩා ලොරි රථයක් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී බලපත්‍රයක් නොමැතිව නැදුන්, මහෝගනී, සහ කොස් යන දැව ලොරි රථයේ තිබූ බව පොලීසිය පවසනවා.

අනතුරුව එම ලොරි රථයේ රියදුරු සහ රිය සහායක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර එම සැකකරුවන් දෙදෙනා කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව පැවසෙනවා.

එම ලොරි රථය යොදා ගනිමින් බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කරමින් සිටියදී ඉකුත් මාර්තු මස 15 වනදා කනංකේ පොලීසිය මගින් ද අත්අඩංගුවට ගෙන තිබෙන බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...