Saturday, June 6, 2026
spot_img
spot_img

මලාවි නියෝජ්‍ය ජනපති ගුවන්‍ අනතුරින් මරුට

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව මීට පෙර එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

මලාවි ආරක්ෂක බළකායේ ගුවන් යානය ඊයේ (10) උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගිය බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

51 හැවිරිදි උප ජනාධිපති චිලිමා සහ පිරිස රැගත් එම යානය මලාවි රාජ්‍යයේ ලිලොංග්වේ අගනුවරින් පිටත් වී ඇත්තේ කිලෝ මීටර් 370 ක් ඈතින් පිහිටි Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යෑමටයි.

කෙසේ නමුත් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගතවන විට යානය රේඩර්වලින් තිරයෙන් අතුරුදන් වී ඇති අතර, එසැණින් යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කර සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බව මලාවි ජනාධිපති ලසරස් චක්වේරා පැවසුවා.

මලාවි ජනාධිපති ලසරස් චක්වේරා බහාමාස් සංචාරයකට සූදානම් වී සිටි නමුත් උප ජනාධිපතිවරයාට සිදුවුණු අනතුර හේතුවෙන් එම ගමන අවලංගු කළ බවද වාර්තා වනවා.

යානය අනතුරට පත් වීමට මෙතෙක් අනාවරණය වී නැති බවත්, ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ වී ඇති බවත් මලාවි මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

යානයේ සුන්බුන් හමුවී ඇත්තේ වනාන්තර ප්‍රදේශයකින් බවයි වාර්තා වන්නේ.

ඇතැම් මාධ්‍ය වාර්තා අනුව, මලාවි උප ජනාධිපතිවරයා ගමන් කර ඇත්තේ හමුදා ගුවන් යානයකින් නොව හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින්.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...