spot_img
spot_img

කටුනායක දෙවැනි පර්යන්තය ඉදිකරන්න ජපානයෙන් රු.බිලියන 170ක සහන ණයක්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා වූ සහන ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 170 ක පමණ මුදලක් ලබා දීමට ජයිකා ආයතනය එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව මෙම ණය ගිවිසුම් කඩිනමින් අත්සන් කොට ඉදිකිරීම් කටයුතු සඳහා අදාළ ටෙන්ඩර් කැඳවීම් සැප්තැම්බර් මාසය වන විට සිදු කිරීමට පියවර ගන්නා බව ජයිකා නියෝජිතයන් විසින් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාට දැනුම් දී ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් පසු රට තුළ යළිත් ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරභාවය හේතුවෙන් ජයිකා ආයතනය මෙම එකඟතාව පළ කළ බවයි.

පසුගිය කාලයේදී රට තුළ ඇති වු ආර්ථික අවපාතය හේතුවෙන් මෙම ඉදිකිරීම් කටයුතු නවතා දමා තිබේ. කෙසේ වුවද නවීන තාක්ෂණය සහ පහසුකම් සහිතව ඉදිවන මෙම දෙවැනි පර්යන්තය ඉදිකිරීමෙන් අනතුරුව දැනට වසරකට මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන මිලියන 06 ක් පමණ ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 16 ක් දක්වා වැඩි කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...