spot_img
spot_img

මුදල් නෝට්ටු බිම දමා පෑගූ දානපතියාට අධිකරණය දුන් තීන්දුව මෙන්න

රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු තොගයක් බිම දමා පාගමින් සිටි යාපනයේ පුණ්‍ය ආයතනයක ප්‍රධානියා යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත ඊයේ (10) නිදහස් කර තිබෙනවා.

යාපනය නගරයේ බංකුවක් අසලදී රුපියල් හැට පන්දහසක මුදලක් එම පුණ්‍ය ආයතන ප්‍රධානියා විසින් බිම දමා සපත්තුවලින් පාගමින් සිටියදී පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ ඔහු මුදල් නෝට්ටු පාගා දැමුවේ මුදල් නෝටුවලට අගෞරව කිරීමට නොව ඔහුට නෝර්වේ සිට ලැබුණු විශාල මුදලක් අහිමි වී යාම නිසා උපන් වේදනාව තුනී කර ගන්නට බවයි.

එම අවස්ථාවේදී ඔහු ඉතා ආවේගශිලි වූ බවත් ඔහු මුලු උතුරු පළාතේම වැසියන්ට විවිධ අවශ්‍යතා මත ආධාර කරන පුද්ගලයෙකු බවත් සිදු වූ වරදට ඔහු අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඔහුට තරයේ අවවාද කර පුද්ගලයින් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහුව නිදහස් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත්තේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...