Thursday, May 7, 2026
spot_img
spot_img

අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

එහිදී ඔහු පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරනු ඇති.

ඒ අනුව, මේ වන විට ප්‍රංශයේ පැරිස් නුවරදී මේ මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා.

බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ ඔලිම්පික් උලෙළට සෘජු සුදුසුකම් ලබාගත් පළමු ක්‍රීඩකයා වන අතර, හෙල්ල විසිකිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ හා මීටර් 800 කාන්තා ඉසව්වේ ශූරී තරුෂි කරුණාරත්න රෝඩ් ටු පැරිස් 24 ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ලේඛනය අනුව ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මීට අමතරව පිහිනුම් ක්‍රීඩාවෙන් සෘජු සුදුසුකම් නොලැබූ රට වලට ලබා දෙන ‘ වයිල් කාඩ්’ අවස්ථාව යටතේ කයිල් අබේසිංහ සහ ගංගා සෙනවිරත්න පැරිස් ඔලිම්පික් උලෙළට සුදසුකම් ලබා ඇති බව සඳහන්.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...