spot_img
spot_img

ඩෙංගු වසං­ග­ත­යක් වන ලකුණු

ඩෙංගු රෝගය වසං­ගත තත්ත්ව­යක් දක්වා වැඩි වීමේ අව­දා­න­මක් පව­තින බව සෞඛ්‍ය, කීට විද්‍යා නිල­ධා­රින්ගේ සංග­මයේ සභා­පති නජිත් සුම­න­සේන මහතා “දින­මිණ”ට ඊයේ (30) පැව­සීය.

ඩෙංගු මදුරු ඝන­ත්වය මනින බිටෝ දර්ශ­කය 15ත් 20ත් අතර පව­තින බවත් එය වසං­ගත තත්ත්ව­යක් පෙන්නුම් කරන තත්ත්ව­යක් බවත් ඒ මහතා පැව­සු­වේය.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ඇස්ත­මේ­න්තු­වට අනුව මෙම බිටෝ දර්ශ­කය පැව­තිය යුත්තේ ඒකක 2ක අග­ය­කින් යුක්තව බවත් නමුත් ශ්‍රී ලංකාව මෙම දර්ශ­කය 5ට වත් තබා­ගැ­නීම වැද­ගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඩෙංගු රෝගය වසං­ගත තත්ත්ව­යක් දක්වා ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා විවිධ වැඩ­ස­ට­හන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මට්ට­මින් ක්‍රියා­ත්මක කර ඇතැයි ද ඒ මහතා පැව­සීය.

මේ දින­යන්හි පරි­ස­රයේ පව­තින අඳුරු පැහැති ස්වභා­ව­යත් සමඟ ඩෙංගු මදු­රුවා ගැව­සෙන වෙලාවේ වෙන­සක් සිදු විය හැකි බවත් එය හැම­දා­ටම පව­තින තත්ත්ව­යක් නොවන අතර, පරි­ස­රයේ පව­තින කාල­ගු­ණික ස්වභා­වය අනුව වෙනස් වන බවත් ඒ මහතා පැව­සු­වේය.

ඩෙංගු වයි­රස් කාණ්ඩ දෙක ආසා­දිත පුද්ග­ල­යන් වාර්තා වීම සාමාන්‍ය පරිදි සිදු වන බවත් මදු­රු­වන්ට බෝ විය නොහැකි ලෙස පරි­ස­රය පිරි­සු­දුව පවත්වා ගන්නේ නම් ආසා­දි­ත­යන් වාර්තා වීම අවම කර ගත හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වසරේ ගත වූ දින 28 තුළ දී ඩෙංගු ආසා­දි­ත­යන් 4499ක් වාර්තා වී ඇති අතර, මරණ 2ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒක­කය සඳ­හන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...