spot_img
spot_img

පුංචි ඡන්ද­යට එජා­පය-සජබ පොදු ලකුණකින්

පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා එජා­පය හා සජබ එක්ව නාම යෝජනා ලැයිස්තු පිළි­යෙල කිරී­මට හැකි මට්ට­මක් දක්වා පක්ෂ දෙක අතර පව­තින සාකච්ඡා ඉදි­රි­යට ගෙන­යෑම මූලික අර­මුණ බව එජාප මහ ලේකම් තලතා අතු­කෝ­රළ මහ­ත්මිය පැව­සු­වාය.

දෙපා­ර්ශ්වය එකතු වීම සම්බ­න්ධ­යෙන් පව­ත්වන සාකච්ඡා සාර්ථක මට්ට­ම­කට පැමිණ තිබෙන බවත් නාය­ක­ත්වය හා ලාංඡ­නය පිළි­බ­ඳව මෙතෙක් සාක­ච්ඡා­වට බඳුන් වී නොමැති බවත් ඇය කීවාය.

ඊයේ (30) මහ­නු­වර දී පැවති මාධ්‍ය හමුවේ දී අද­හස් දක්ව­මින් තලතා අතු­කෝ­රළ මහ­ත්මිය පැව­සුවේ ඇතැ­ම්විට පළාත් පාලන මැති­ව­ර­ණ­යට පොදු ලාංඡ­න­ය­කින් ඉදි­රි­පත් විය හැකි බවයි.

“ නාය­ක­ත්වය හා ලාංඡ­නය සම්බන්ධ ප්‍රශ්න පස්සේ බේරා­ගන්න පුළු­වන්. අපි මේ සාකච්ඡා කරන්නේ එජා­ප­යේම තව කොට­සක් සම­ඟයි. එජා­ප­යෙන් කැඩිලා ගිය එජාප පාක්ෂි­ක­යන් තමයි සජ­බෙත් ඉන්නේ. මේ කණ්ඩා­යම් දෙකට දැන් නාය­කයෝ දෙන්නෙක් ඉන්නවා.

පක්ෂ දෙක එකතු විය යුතුයි කියන ස්ථාව­රයේ පාක්ෂි­කයෝ ඉන්නවා. ඒ සඳහා අපි ආර­ම්භ­යක් ගෙන තිබෙ­නවා. ඉදි­රියේ දී ගැටලු මතු­වන ආකා­රය අනුව ඒ ගැන කතා කර­නවා. නාය­ක­ත්වය ගැන කතා කරන්න තරම් අපි දුරක් ඇවිත් නැහැ.

සාකච්ඡා සඳහා පක්ෂ දෙකේ නාය­ක­යන්ගේ පූර්ණ ආශී­ර්වා­දය ලබා දී තිබෙ­නවා. ඇතැ­ම්විට අපි පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන්නේ පොදු ලාංඡ­න­ය­කින් වෙන්නත් පුළු­වන්” යැයි ද ඇය වැඩි­දු­ර­ටත් කීවාය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...