spot_img
spot_img

මහින්දගේ නිල නිවෙස අලුත්වැඩියා වියදම කෝටි 47යි

රුපි­යල් කෝටි 47.2ක් වැය කර මහින්ද රාජ­ප­ක්ෂලා නිවෙස අලු­ත්වැ­ඩියා කර තිබෙන බව ප්‍රවා­හන, මහා මාර්ග වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා පවසනවා.

නුගේ­ගොඩ ජාතික ප්‍රවා­හන වෛද්‍ය ආය­ත­නයේ නිරී­ක්ෂණ චාරි­කා­වෙන් පසුව මාධ්‍ය­වේ­දීන් ඇසූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් ඒ මහතා පැව­සුවේ, මෙත­රම් මුද­ලක් වැය කර ගෙයක් අලු­ත්වැ­ඩියා කිරී­මට පුළු­වන් කාට­දැයි සිතා බලන ලෙසය.

“මේවා තමයි ලංකාව බංකො­ලොත් වීමට බලපෑ හේතු වෙන්නෙ. හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ගේ වර­ප්‍ර­සාද ඉවත් කිරී­මට ව්‍යාව­ස්ථාව වෙනස් නොකර කරන්න පුළු­වන් දේවල් ටික අපි කර­නවා.

ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය නොකර කරන්න පුළු­වන් විදිහ ගැන ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මඟ­පෙ­න්වලා තිබෙ­නවා. නාමල් වගේ ගොඩ පෙර­ක­දෝ­රු­ව­න්ගෙන් අපි උප­දෙස් ගන්නේ නැහැ.

නාමල්ට කිය­නවා තාත්තා බලා­ගන්න කියලා. අපි ගෙවල් ටික ගන්නවා. නැත්නම් රුපි­යල් 33,000ක් දෙනවා. දැන් ඒවා ක්‍රියා­ත්මක කරලා තිබෙන්නේ. අපි කියන්නේ ලජ්ජා නැතිව යන්න කියලා තමයි. මහි­න්දට වගේම චන්ද්‍රි­කා­ටත් යන්න කියලා තමයි අපි කියන්නේ” යැයි ද හෙතෙම පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...