spot_img
spot_img

CID අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යාංශ ලේකම්ට පැය 3න් ඇප

අපා­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඊයේ (30) දහ­වල් අත්අ­ඩං­ගු­වට ගත් සමු­ප­කාර සහ අභ්‍ය­න්තර වෙ‍ෙළඳ අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් ප්‍රියන්ත කුමාර මායා­දුන්නේ මහතා කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රුපි­යල් ලක්ෂ දෙකක ශරීර ඇප­යක් මත මුදාහරින ලෙස නියෝග කෙරිණි.

ඒ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන පැය තුනක පමණ කාල­ය­කින් මෙසේ ඇප මත මුදාහැරුණි.

ජාත්‍ය­න්තර සමු­ප­කාර දිනය සැම­රීම වෙනු­වෙන් 2011 වසරේ දී කුර­ණෑ­ගල දී පවත් වන ලද “ඉසුරු සවිය” නමැති වැඩ­ස­ට­හ­නට සමු­ප­කාර අර­මු­ද­ලෙන් රුපි­යල් මිලි­යන 183ක් වැය කර ඇත. එහිදී ප්‍රවා­හන විය­දම් ලෙස රුපි­යල් ලක්ෂ­යක මුද­ලක් ලබා ගෙන සාප­රාධී විශ්වා­සය කඩ කිරීමේ චෝද­නා­වක් යටතේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙණෙ­විය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­ත­රුව ඇප ප්‍රති­ක්ෂේප කිරී­මට කාරණා ඉදි­රි­පත් වී නැති බව කිය­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රිය සැක­කරු ඇප මත මුදා හැරී­මට මෙසේ නියෝග කළාය. “මේ සිද්ධිය වී තිබෙන්නේ 2011 වස­රේදී ය. සැක­කරු එම මුදල් ලබා දුන් අය මතක නැති බව ප්‍රකාශ කර තිබෙ­නවා. විම­ර්ශ­න­ව­ලට බාධා කිරී­මට හැකි­යා­වක් නැහැ. දණ්ඩ නීති සංග්‍ර­හයේ 389 වග­න්තිය යටතේ ඉදි­රි­පත් කර ඇති බැවින් ඇප දීමට බාධා­වක් නැහැ. එම සුවි­ශේෂී කරුණු සලකා සැක­ක­රුට ඇප ප්‍රදා­නය කරන බව මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙහිදී දැනුම් දුන්නාය.

සමු­ප­කාර සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රවා­හන පහ­සු­කම් සඳහා වෙන් කළ මුද­ලක් ද යන්න මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය විමසා සිටි අව­ස්ථාවේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දන්වා සිටියේ එම මුදල් ප්‍රවා­හන පහ­සු­කම් සදහා වෙන් කර තිබූ මුදල් බවය.

එම උත්ස­ව­යට ප්‍රවා­හන සැප­යුම් භාරව සිටි නිල­ධා­රි­යාගේ මව මිය­යෑම හේතු­වෙන් සැක­කාර අති­රේක ලේක­ම්ව­රයා එම ප්‍රවා­හන පහ­සු­කම් සපයා ඇතැයි පොලී­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

එම මුදල් එව­කට සිටි සමු­ප­කාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ­තාගේ ආර­ක්ෂක ලේක­ම්ව­ර­ය­කුට ලබා දූන් බව සැක­කාර අති­රේක ලේක­ම්ව­රයා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා දුන් ප්‍රකා­ශයේ සඳ­හන් බව ද පොලී­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. සැක­කාර අති­රේක ලේක­ම්ව­ර­යාට එරෙ­හිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍ර­හයේ 389 වග­න්තිය යටතේ චෝදනා ගොනු කිරී­මට ප්‍රමා­ණ­වත් කරුණු ඇති බවට නීති­ප­ති­ව­රයා ලබා දුන් උප­දෙස් ප්‍රකා­රව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් බවත් මේ සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම විසින් ද විම­ර්ශන කරන බවත් පොලී­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

එමෙන්ම ප්‍රවා­හන පහ­සු­කම් සඳහා සැක­කරු විසින් ලංගම බස් රථ­යක් ලබා ගෙන ඇති බවත් ඒ සඳහා යොමු කර ඇති මුදල් කුවි­තා­න්සිය සංශෝ­ධ­නය කර ඇති බවට විම­ර්ශන අනා­ව­ර­ණය කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

තම සේවා­දා­ය­කයා එම අව­ස්ථාවේ ප්‍රවා­හන කට­යුතු සඳහා එම මුදල් ගෙවා ඇතැයි ඔහු වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

“ඔහු අමා­ත්‍යාංශ ගණ­නා­වක් භාරව සිටි කීර්ති­මත් ලේක­ම්ව­ර­යෙක්. මේ සිද්ධිය 2011 දී සිදු වූ දෙයක්. එම කරුණු සුවි­ශේෂී කරුණු සේ සලකා ඇප ලබා දෙන ලෙස නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

දෙපා­ර්ශ්ව­යම ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය සැක­කරු ඇප මත මුදා හැරි­යාය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් (88959) පුෂ්ප­කු­මාර නිල­ධා­රියා අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කළ අතර සැක­කාර හිටපු ලේක­ම්ව­රයා වෙනු­වෙන් නීතිඥ සුරංග පෙරේරා, ලලිත් පියුම් සහ නජිත් සම­ර­කෝන් යන මහ­ත්වරු අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යහ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...