spot_img
spot_img

18ට අඩු අයට සමාජ මාධ්‍ය තහ­නම් කරන්න – විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ සංග­මය ඉල්ලයි

ලෝකයේ ඇතැම් රට­වල සිදු කර ඇති ආකා­ර­යට වයස අවු­රුදු 18ට අඩු දරු­වන්ට සමාජ මාධ්‍ය භාවි­තය තහ­නම් කිරීමේ හෝ සීමා කිරීමේ නීති­යක් ගෙන ඒමට ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් දැනු­ම්වත් කරන බව ශ්‍රී ලංකා ප්‍රජා විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ සංග­මයේ සභා­පති විශේ­ෂඥ වෛද්‍ය කපිල ජය­රත්න මහතා පැව­සීය.

නිල නොවන දත්ත­ව­ලට අනුව පසු­ගිය වසරේ දී වයස අවු­රුදු 18ට අඩු දරු­වන් 200කට ආසන්න සංඛ්‍යා­වක් සිය­දිවි නසා­ගෙන ඇති බවට වාර්තා වන බවත්, මෙම සිය­දිවි නසා ගැනී­ම්ව­ලට සමාජ මාධ්‍ය භාවි­තය හේතු­වක් විය හැකි බවත් පැවසූ ඒ මහතා මේ නිසා ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් දැනු­ම්වත් කිරී­මට තීර­ණය කළ බවත් කීවේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රව­ණා­ගා­රයේ පැවති මාධ්‍ය හමු­වට සහ­භාගී වෙමින් ඒ මහතා මේ බව ඊයේ (30) ප්‍රකාශ කළේය. වස­ර­කට 313,000ක් පමණ මෙරට කාන්තා­වන් ගර්භි­ණී­භා­ව­යට පත් වන අතර ඉන් 250,000ක පමණ සජීවී දරු උපත් සිදු වුවත් ඔවුන් සියලු දෙනා නීරෝගි වැඩි­හි­ටි­යන් නොවන බව ද ඒ මහතා පැව­සු­වේය.

අවු­රුදු 5ට අඩු දරු­වන් 3300ක් පමණ විවිධ හේතූන් නිසා වාර්ෂි­කව මර­ණ­යට පත් වන බවත් මෙරට දරු­ව­න්ගෙන් 30%ක් පමණ ස්ථූල­තා­වෙන් පෙළෙන බවත් ඒ මහතා පැව­සීය.

මළ දරු උපත් වළක්වා ගැනීම සඳහා වන කොළඹ ප්‍රකා­ශ­නය බලා­ත්මක කිරී­මට ප්‍රජා වෛද්‍ය විශේ­ෂ­ඥ­ව­රුන් එක්ව කට­යුතු කරන බව වෛද්‍ය කපිල ජය­රත්න මහතා පැව­සීය.

කොළඹ ප්‍රකා­ශ­නය බලා­ත්මක කිරී­මෙන් මාරා­න්තික උපත් ආබාධ සහිත කලල ගබ්සා කිරී­මට හැකි වන බවත් මෙම ප්‍රකා­ශ­නය බලා­ත්මක කිරී­මට වසර 20ක පමණ සිට උත්සාහ දැරු­වත් මෙතෙක් එය කර ගැනී­මට නොහැ­කිව ඇති බවත් ඒ මහතා පැව­සු­වේය.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...