Thursday, June 4, 2026
spot_img
spot_img

රනිල් හිටපු කණ්ඩායමත් සමග අලුත් වැඩකට සැරසෙයි

කොළඹ පෞද්ගලික හෝටලයක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින පැවැති විශේෂ දේශපාලන සාකච්ඡාවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති අතර වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇත.

තවද පාර්ලිමේන්තු කමිටු සදහා විපක්ෂයේ පිරිස් නම් නොකිරීම සම්බන්ධයෙන්ද එහිදි රැස්ව සිටි නියෝජිතයින් අදහස් දක්වා ඇති අතර සභාපති ධුර ඔවුන් භාරයේ තබා ගැනීම පිළිබඳවත් මෙහිදී දැඩි ලෙස සාකච්ජාවට ලක්ව ඇත.

මෙම සාකච්ඡාවට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහය පළ කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම වෙනම තරග කළ පක්ෂවල නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්වී ඇත.

සමගි ජන බලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති අතර හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන ද ඊට එක්වී ඇත.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...