ගිය වසරට වඩා රු. මිලියන 113කින් වියදම අඩුවීමක්
ගුවන්යානා 3යි රථ පෙළපාළි නෑ
‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ තේමාව යටතේ 77 වැනි නිදහස් උත්සවය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
අඩු පිරිවැයකින්, මහජනතාවට සිදු වන පීඩා අවම වන අන්දමින් හා වැඩි ජන සහභාගිත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
හමුදා සාමාජිකයන් 1,873කට හමුදා පෙළපාළිය සීමා කර ඇති අතර ගිය වසරට සාපේක්ෂව හමුදා පෙළපාළියේ සාමාජිකයන් සංඛ්‍යාව 1,511කින් අඩු කර තිබේ. මෙවර පෙළපාළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැනීමටත් තීරණය කර තිබේ. ඉකුත් වසරේ ගුවන් යානා 19ක් නිදහස් දින උත්සවය වෙනුවෙන් යොදාගෙන ඇති අතර මෙවර ජාතිය කොඩිය ගුවනින් ගෙන යෑම සඳහා ගුවන් යානා තුනක් පමණක් යොදා ගනියි.
සාම්ප්‍රදායිකව නිදහස් දින දහවල් 12.00ට මුහුදේ නෞකාවක් තුළ නාවික හමුදාව විසින් පවත්වනු ලබන වෙඩි මුර 25ක් පැවැ ත්වීම මෙවර ද පැවැත්වේ. ගිය වසරේ නිදහස් උත්සවයට ගිය වියදම රුපියල් මිලියන 200ක් වන අතර මෙවර ඒය මිලියන 87ක් දක්වා අඩුවී ඇතැයි වාර්තා වනවා.එය රුපියල් මිලියන 113ක අඩුවීමක්




