spot_img
spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඊයේ (20) රූපවාහිනි නාලිකා වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බවයි.

රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීවරයෙකුට හෝ අමාත්‍යවරයෙකුට වාහනයක් අවශ්‍ය බවට පිළිගන්නා බවත් පෙර පැවති ක්‍රමවේදය වෙනස් කරමින් පාර්ලිමේන්‍තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට වාහනයක් රජයෙන් ලබාදෙන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා :

” රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙකුට වාහනයක් තිබිය යුතු බව අපි පිළිගන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් දෙන්නේ නැහැ කියලා අපි කවදාවත් කියලා නැහැ. වාහනේ අලුත් ද පාවිච්චි කරපු එකක්ද, ඒක එහෙමනම් අපි පාවිච්චි කරපු වාහන දෙනවනම් අපි හැමෝටම එක මට්ටමෙන් දෙන්න ඕනෙ. එක වර්ගෙන් දෙන්නත් ඕන නැත්නම් ආයි ප්‍රශ්නයක් මතු වෙනවා. අපි බොහොම පැහැදිලියෙන් ප්‍රතිපත්තිය කිව්වා.වාහනයක් සම්බන්ධයෙන් ඒ වසර පහක කාලය සඳහා යම් කාලයක් ලබාදීම සිදු කරනවා. ඒ වාහන යේ පාවිච්චි කරන ක්‍රමවේදය විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි වාහනය පාවිච්චි කරලා අවුරුදු පහ ඉවර වෙනකොට,වාහනහ රජයට ලබා දීලා යන එක. දෙවෙනි එක වාහනය ක්ෂය වීමේ පදනම මත අවුරුදු පහ ඉවරවෙනකොට ඒ තියෙනන වටිනාකම රජයට ගෙවලා වාහනය තමන් හිමි කරගන්න එක. ඔය දෙක ක්‍රියාත්මක කරනව කියල අපි එදා කිව්වා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...