spot_img
spot_img

ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඕක්ලන්ඩ්හිදී අද (11) පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

දිවාරාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයටද කිසිදු වෙනස්කමක් නොමැතිව ක්‍රීඩාකරනු ලබයි.

කෙසේ නමුත් නවසීලන්ත කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර ඇත.

ඒ අනුව ජාකොබ් ඩෆී වෙනුවට මයිකල් බ්‍රැස්වෙල් කැඳවා ඇත.

මෙම තරගාවලියේ පළමු තරග දෙකම ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් දැනටමත් තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටියි.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...