spot_img
spot_img

CID යට ආ යෝෂිත ගොළු වෙයි කතරගම ඉඩමක් ගැන මට මතක නෑ -විමර්ශන ලිපිගොනු ගෝඨාගේ කාලේ වැහිලා

කතරගම මැණික් ගඟ ආසන්නයේ ඇති රක්ෂිත ඉඩමක ඉදිකර ඇති හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ නමින් විදුලි බිල් ලැබෙන ගොඩනැඟිල්ලක් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත් ඒ පිළබඳව තමාගේ මතකයේ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබේ.

කාමර 12කින් යුක්තව ඉදිකර ඇති බව කියන එම ගොඩනැඟිල්ල පිහිටි ඉඩම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබීය.

එම ප්‍රශ්න කිරීමට මුල්වන්නේ එම ඉඩමේ ඉදිකිරීම් සඳහා හමුදාවේ සාමාජිකයන් පිරිසක් යොදාගෙන ඇති බවට වූ තොරතුරු අනාවරණය වීමක් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. යෝෂිත රාජපක්ෂ මහතාගෙන් මෙම ඉඩම සහ ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරනු ලබන්නේ පසුගිය 02 වැනිදාය. පැය 02කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණි.

මෙසේ යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට මුල්වී ඇත්තේ ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි නාවික හමුදාවේ නිලධාරියෙක් එම ගොඩනැඟිල්ලෙහි සේවයේ නිරතව සිටීම හේතුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

යහපාලන ආණ්ඩුව පැවති සමයේ දී මෙම ඉඩම සම්බන්ධයෙන් යම් ප්‍රශ්නගත තත්ත්වයක් ඇතිවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කරනු ලැබීය. පසුගිය කාලයේ එම විමර්ශන ගොනු වැසී ගියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමඟිනි. එම ඉඩමේ ඉදිකර ඇති ගොඩනැඟිල්ලට ලැබෙන විදුලි බිල ඇත්තේ රාජපක්ෂවරයෙකුගේ නමින් බවත් ඔහු හිටපු ප්‍රබල දේශපාලනඥයකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම දේශපාලන ප්‍රබලයාගෙන්ද ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...