spot_img
spot_img

අමෙරිකාවේ විශාල ධනයක් තියෙනවා – බැසිල්ගේ වත්කම් හොයන්න CID යට ආ විමල් කියයි

බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ රැකියාවක් නොකළ නමුත් ඔහුට අමෙරිකාවේ අසාමාන්‍ය ධනයක් තිබූ බවත් ඔහුගේ වත්කම් පිළිබඳව සොයා බැලිය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබාදීමට 03දා විමල් වීරවංශ මහතා පැමිණි අතර ඔහුගෙන් පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන්කර ගෙන තිබිණි. ප්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් පිටතට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවේ මෙසේද කියා සිටියේය. බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ඇතැම් දේපළ පිළිබඳ මීට අවුරුදු කිහිපයකට කලින් මම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාළිකාවකට කරන ලද ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමයි අද මට එන්න කියලා තිබුණේ. නැවත එන්න දැනුම් දීමක් කළේ නැහැ. මම ඒ ප්‍රකාශය සම්බන්ධව මගේ පැහැදිලි කිරීම කළා. ඒ වගේම නීතිඥ මහත්මයෙක් හැටියට උදය ගම්මන්පිළ මහතා ඒ සඳහා සම්බන්ධ වුණා. ඒ වගේම අපි ඒ ප්‍රකාශයට සම්බන්ධ අපි සතුව තිබූ ඇතැම් ලිඛිත තොරතුරු පොලිස් නිලධාරීන්ට භාර දුන්නා.

අපි භාරදුන්න ලිපිලේඛන අනුව නම් අසාමාන්‍ය ධනයක්, මම හිතන්නේ සම්පූර්ණ ධනයනම් වෙන්න බැහැ. ඒ ප්‍රමාණයත් විශාල ධනයක් කියන්න පුළුවන්. බැසිල් රාජපක්ෂ අ‍ෙමරිකාවේ රස්සාවක් කළේ නැහැනේ. ලංකාවේ කරපු රස්සාවෙන් හම්බ කරපු දේවල් වලින්නේ ඇමරිකාවේ තියෙන දේපළ තියෙනවානම් තියෙන්නේ එයාගේ දුවගෙ නමින්, එයාගේ බිරිඳගෙ නමින්, එයාගෙ නමින්, එයාගේ පුතාගෙ නමින්, එයාලගෙ බෑනලාගේ නමින් තියෙන ඒවා මේකෙ නැහැ. අර කට්ටියගෙ තියෙන සමහර තොරතුරු අපි දුන්නා. අපි ගාව තියෙන තොරතුරු අපි ගාව නැති තොරතුරුත් ඇති. ඒවා හොයන එක තමයි අවංක ඕනකමක් තියෙනවානම් මේ ආණ්ඩුවට, බොරුවට හොරු අල්ලනවා අල්ලනවා කියලා නිකන් වැඩකට නැති හාල්මැස්සො උස්සන් යන්නේ නැතිව නියම හොරු අල්ලන්න ඕන නම් අ‍ෙමරිකා එක්සත් ජනපදයේ බැසිල් රාජපක්ෂගේ දේපළ ටික හරියට හොයලා ගත්තොත් අන්න හොරා කවුද කියලා ලංකාවටම ඔප්පු කරලා පෙන්නතෑකි.

බැසිල් රාජපක්ෂගේ දේපළ එහේ තියෙනවානම් මුදල් මෙහෙ තියෙන්න විදියක් නැහැනේ. මෙහෙත් මුදල් ඇති සමහරුන්ගේ නමින් ඒවා අපි දන්නේ නැහැ. අපි කියන්නේ එහේ තියෙන දේපළ ගැන.

අපෙන් ඇහුවේ බැසිල් රාජපක්ෂ ගැන, අපි උත්තර දුන්නේ බැසිල් රාජපක්ෂ ගැන. දන්න ඔක්කෝම ගැන එකපාර කියන්න ඕනකමක් නැහැනේ. මුලින් බැසිල් රාජපක්ෂ ගැන කියලා බලනවා, ඒගොල්ලො ගන්න ක්‍රියාමාර්ග ගැන විමර්ශනාත්මකව බලනවා. ඇත්තටම පරීක්ෂණ සාධාරණව නිවැරැදිව වෙනවානම් තව දන්න දේවල් තියෙනවානම් ඉතුරු ටිකත් කියනවා. මුදල් විශුද්ධිකරණය ගැන තමයි මගේ ප්‍රකාශයේ තිබ්බේ. ඒ මුදල් විශුද්ධිකරණයට අදාළව තමයි මගෙන් ප්‍රශ්න කළේ. ඒ වාට තමයි උත්තර දුන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...