spot_img
spot_img

නත්තලට පොලීසියෙන් බැලුන් 150,000ක් – කට්ටියක් පුදුම වෙන්නයි යන්නේ…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසූවේ උත්සව සමයේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්ෂණ උපකරණ (බැලූන්) 150,000ක් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත බෙදාහැරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇති බවයි.

මෙවැනි උත්සව සමයන්හිදී බීමත්ව රිය පැදවීම් බහුල වීම තුළ රිය අනතුරු යම් ප්‍රමාණයකින් වැඩිවීමක් නිරීක්ෂණය වීමඛේතුවෙන් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

මනතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ, මගී ප්‍රවාහන බස්රථ ඇතුළු සියලුම වාහන පරීක්ෂා කිරීම් උත්සව සමය අවසන්වන තෙක් පැය 24 පුරා දිවයිනම ආවරණය වන පරිදි සිදුකිරීමට පොලිස් ස්ථානවලට උපදෙස් දී ඇති බවයි.

මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන කාලසීමාව තුළ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන වාහන සම්බන්ධයෙන් ‘119’ හෝ 1997 අංක වෙත තොරතුරු ලබාදීමට හැකි බවද මනතුංග මහතා වැඩිදුරටත් සදහන් කලා.

spot_imgspot_img

Popular

More like this
Related

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...

මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් රැඳවියෙකු මරුට

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත...

රවී සෙනෙවිරත්නගේ නඩුවට අතුරු තහනමක්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස...

පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්

මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හට ගෙන ඇති බවට තොරතුරු...