spot_img
spot_img

ටින් මාළු සඳහා පාලන මිලක්

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසූවේ, අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල මේ සතිය තුළ අඩු කිරීමට රජය තීරණය කළ බවත් ඒ සඳහා ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් ගෙන්වා ඊයේ (දෙසැ. 24) සාකච්ඡා කළ බවත් ඒ අනුව, ටින් මාළු සඳහා මේ සතියේ පාලන මිලක් නියම කිරීමට සූදානම් බවයි.

එහිදී අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, මේ වන විටද වෙළෙඳපළෙහි ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 490ක මිල පැවැතියත් එය රුපියල් තුන්සිය ගණනකට විකිණීමට දේශීය නිෂ්පාදකයන් කටයුතු කරන බවත් ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 370ක තොග මිලට අලෙවි වන විට දේශීය ටින් මාළු නිෂ්පාදකයන් ග්‍රෑම් 425 රුපියල් 370ක සිල්ලරට මිලට අලෙවි වෙමින් පවතින බවයි.

ඒ අනුව, මේ සතිය තුළ ටින් මාළු සඳහා පාලන මිලක් නියම කරන බව ත් සහල් ආනයනයට ලබන 10 වන දා තෙක් අවසර දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...