spot_img
spot_img

හිරුණිකා සජබ සංවිධායකයින් 15ක් දොට්ට දමයි

සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කඩුවෙල ආසනයේ සංවිධායකවරු 15 දෙනකු තනතුරුවලින් ඉවත් කර වෙනත් සංවිධායකවරු පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් විමසූ විට ඇය පැවසුවේ පක්ෂ ව්‍යවස්ථාව අනුව තමන්ට පැවරී ඇති බලතල මත මෙම තීරණය ගත් බවයි.

ධුරවලින් ඉවත් කළ සංවිධායකවරු, කොට්ඨාස සංවිධායකවරු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට සහාය නොදී වෙනත් අපේක්ෂකයකුට සහාය දැක්වීම සහ තරුණ අපේක්ෂකයන්ට අවස්ථාවක් ලබාදීම මෙම තීරණයට හේතු වූ බව ද ඇය පැවසුවා.

මෙසේ තනතුරුවලින් ඉවත් කළ කොට්ඨාස සංවිධායක ප්‍රේමරංජිත් පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ සංවිධායකවරිය සිදු කළ අත්තනෝමතික ඉවත් කිරීම තමන් පිළිනොගන්නා බවයි.

මේ සම්බන්ධව පක්ෂ නායකවරයා දැනුම්වත් කිරීමට පියවර ගත් බව ද ඇය වැඩිදුරටත් සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...