spot_img
spot_img

ලොව පීරා හෝ මෛත්‍රීගේ මිතුරු ඝාතකයා ගෙන එන්නයි නියෝග

නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (19) දැනුම් දුන්නේ රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටියදී ජනාධිපති සමාව ලබා රටින් පළා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැත්තා මේ වන විට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇති බවයි.

නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා මේ බව දන්වා සිටියේ එම වරදකරුට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජූඩ් ශාමන්ත නමැත්තාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාව ප්‍රදානය කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට මීට පෙර තීන්දු කළ අතර ඒ අනුව එම ජනාධිපති සමාව බල රහිත කෙරුණා.

මෙම විත්තිකරු රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා විමර්ශන ආරම්භ කර ඇති බවත් ඔහුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ද එහිදී සඳහන් කෙරුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...