spot_img
spot_img

ජර මර අස්සේ පොහොට්ටුව යලි බලය අල්ලයි

ආරච්චිකට්ටුව විවිධ සේවා සමූපාකාර සමීතියේ පැවැත්විය යුතුව තිබූ නිළවරණය නොපවත්වා එම නිළවරණය වෙනුවට නැවත ප්‍රාදේශික සඳහා කාරක සභා යාවත්කාලීන කිරීමෙන් ඇතිවෙන්නට ගිය ගැටුම සමතයකට පත්ව නැවත එම සමූපාකාර පාලනය පොදු පෙරමුණ රජය යටතේ පාලනය කළ සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයටම හිමිව තිබෙනවා.

සමූපාකාර ප්‍රාදේශික 23 ක් සඳහා කාරක සභිකයින් 207 දෙනෙකු පත්කර ගැනීම ආරච්චිකට්ටුව සමූපාකාර රැස්වීම් ශාලාවේදී ඊයේ දිනයේ (18) පවත්වා තිබෙනවා.

මෙම නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගැනීම හා එම කටයුත්ත ප්‍රමාද වීම පිළිබඳව වයඹ පළාතේ සමූපාකාර කොමසාරිස් වසන්ත ගුණසේකර මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු පවසා සිටියේ නව පාලක මණ්ඩලය විසින් මහ සභාව පත්කර ගැනීමට එරෙහිව අභිආයචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එම නඩු විභාගය අවසන් වනතුරු මහසභාව පත්කර ගැනීම තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව සමූපාකාර කොමසාරිස් වරයාගේ නියෝගය පරිදි ඊයේ (18) දින සමූපාකාර ප්‍රාදේශික සඳහා කාරක සභිකයින් යාවත්කාලීන කළ අතර එළබෙන ජනවාරි 13 දින ලැබෙන අධිකරණ තීන්දුවකට අනුව ඉදිරි කටයුතු කිරීමට කටයුතු කරන බව කොමසාරිස් වරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර එම ස්ථානයට එක්රැස් වූ පොදු පෙරමුණ නව පාලක ආධාරකරුවන් හා ජාතික ජන බලවේගය ආධාර කරුවන් අතර අතර ඇතිවීමට ගිය ගැටුම ව්‍යර්ථ වී පිරිස විසිර ගියා

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...