spot_img
spot_img

ඉදිරි පැය 12 ගැන අනතුරු ඇඟවීමක් – අවධානයෙන් ඉන්න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත්, ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද සදහන්.

මධ්‍යම, ඌවසහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එම විශේෂ දැනුම්දීම:

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුල, උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ දෙසට ගමන් කර පසුව අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ ආසන්නයෙන් උතුරු දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතී.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව, මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින්තැන වැසි ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවිය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (45-50) පමණ දක්වා ඉහළ යා හැක.

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිඅතර සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළුවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...