spot_img
spot_img

කෙහෙළියගේ කෝටි 2ක බැංකු ගිණුම් 2ක් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් රුපියල් ලක්ෂ 200කට අධික වටිනාකමක් සහිත ජංගම සහ ස්ථාවර බැංකු තැන්පතු ගිණුම් දෙකක් ලබන 24 වැනිදා දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්හිටුවා ඇත.

මේ පිළිබඳ අධිකරණයට කරුණු දක්වා එම තහනම් නියෝගය ඉදිරි මාස 3ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට අවශ්‍ය නීති ක්‍රියාමාර්ග මේ වන විටත් අල්ලස් කොමිෂන් සභාව මඟින් ආරම්භ කර තිබේ.

අල්ලස් කොමිසම මෙයට අමතරව හිටපු ඇමැතිවරයාට සහ ඔහුගේ පවුලේ උදවියට අයත් තවත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක්, රක්ෂණ ඔප්පු 3ක් මේ වන විට අත්හිටුවා තිබේ. ඒවායේ වටිනාකම රුපියල් නව කෝටි හැත්තෑ එක් ලක්ෂයකට අධික (97,125,000) බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි.

එම ගිණුම්වලින් සැකකටයුතු ගනුදෙනු සිදුව ඇති බව පවසා අල්ලස් හෝ දූෂණ කොමිසම පැවැත්වූ මූලික පරීක්ෂණයකින් අනාවරණය වූ පසු අධිකරණයට කළ කරුණු දැක්වීම අනුව මෙම අත්හිටුවීම සිදුව ඇත.

බාල, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම හා රෝගී ජීවිත අනතුරේ හෙළීම, රජයට වංචා කිරීම යන චෝදනාව යටතේ හිටපු ඇමැති කෙහෙළිය ඇතුළු 6 දෙනකුට එරෙහිව නඩු පවරා තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...