spot_img
spot_img

වාල­ච්චේන උසා­වියේ නඩු භාණ්ඩ කාම­රයේ අරක්කු අතු­රු­දන්

වාල­ච්චේන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රය බිඳ නඩු භාණ්ඩ ලෙස එහි තිබූ කාලේ මත්පැන් බෝතල් 200ක් පමණ සොරා­ගත් සැක­ක­රු­වකු වාල­ච්චේන පොලී­සිය ඊයේ (11) අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා.

අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ ගබ­ඩාව දෙසින් පෙරේදා (10) සවස ශබ්ද­යක් ඇසී අධි­ක­රණ පරි­ශ්‍රයේ ආර­ක්ෂා­වට යොදවා සිටි පොලිස් නිල­ධා­රියා සහ නඩු භාණ්ඩ කාම­රයේ භාර­කරු විම­සි­ලි­මත් වීමේදී යම් පුද්ග­ල­යකු තාප්ප­යෙන් පැන පලා යන අයුරු දැක තිබෙනවා.

එසේ අධි­ක­ර­ණයේ තාප්ප­යෙන් පැන ගිය පුද්ග­ල­යාව හඳුනා ගැනී­මට පොලිස් නිල­ධා­රි­යාත් නඩු භාණ්ඩ කාම­රයේ භාර­ක­රුත් සමත්ව තිබෙනවා. එම පුද්ග­ලයා මත්කුඩු ලෝලි­යකු බවත් ඔහු මෙයට පෙරද අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රය බිඳ නඩු භාණ්ඩ සොරා ගැනී­ම­කට අත්අ­ඩං­ගු­වට පත්ව බන්ධ­නා­ගා­ර­ග­තව ද සිට ඇප මත සිටි­න්නකු බවත් පොලී­සිය සඳ­හන් කරනවා.

අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රය දෙසින් ඇසුණු ශබ්දය හා තාප්ප­යෙන් පැන පලා ගිය පුද්ග­ලයා සො‍ෙරකු වූ බැවින් නඩු භාණ්ඩ කාම­රය පරීක්ෂා කිරී­මේදී මුලින්ම පෙනී ගොස් ඇත්තේ කාලේ මත්පැන් බෝතල් 25ක් අඩංගු පෙට්ටි­යක් අතු­රු­දන්ව ඇති බවයි.

ඒ සම්බ­න්ධ­යෙන් නඩු භාණ්ඩ කාම­රයේ භාර­කරු පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇත. ඒ ගැන වැඩි­දුර විම­ර්ශ­න­යේදී හෙළිවී ඇත්තේ නඩු භාණ්ඩ ලෙස තිබුණු කාලේ මත්පැන් බෝතල් 200ක් පමණ සොරා­ගෙන ඇති බවයි.

මෙම සොර­කම සම්බ­න්ධ­යෙන් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බවත් ඔහු අධි­ක­ර­ණයේ තාප්ප­යෙන් පැන පලා ගිය පුද්ග­ලයා බවත් පොලී­සිය සඳ­හන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...