spot_img
spot_img

මී උණ රෝගීන් ඉහ­ළට

මී උණ වැල­ඳුණු බවට 2023 වසරේ වාර්තා වූ රෝගීන් 9,000කට අධික පිරි­සක් අත­රින් 200කට ආසන්න පිරි­සක් මිය­ගොස් ඇතැයි සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ වසං­ගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීර­කෝන් මහ­ත්මිය සඳ­හන් කළා.

මෙම වස­රේදී ගතවූ කාල­සී­මාව තුළ පෙර වස­රට සාපේ­ක්ෂව මී උණ වැල­ඳුණු රෝගීන් ගණන ඉහළ ගොස් ඇති බව ද ඇය පැවසුවා.

යාප­නය දිස්ත්‍රි­ක්කයේ ව්‍යාප්ත වන හඳුනා නොගත් උණ රෝගය, මී උණ රෝගය ද යන්න තහ­වුරු කර ගැනී­මට මේ වන විට පරී­ක්ෂණ පව­ත්වන බව ද ඇය සදහන් කළා.

උණ සහ ශ්වසන අප­හ­සුතා ඇති රෝගීන් එම ප්‍රදේශ තුළින් වාර්තා වී ඇති බවත් මේ වන විට අදාළ උණ රෝගීන්ගේ සාම්පල ලබා ගනි­මින් පරී­ක්ෂණ පව­ත්වන බවත් ඒ මහ­ත්මිය ප්‍රකාශ කළා

මී උණ රෝගය වැඩි වශ­යෙන් පැති­ර­යෑමේ අව­දා­නම සම්බ­න්ධව සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­වට එක්වෙ­මින් ඇය මේ බව ඊයේ (11) කියා සිටි­යාය.

වී ගොවි­තැන ආශ්‍රි­තව මඩ සහ ජලය ආශ්‍රි­තව වගා කට­යු­තු­වල නිර­තව සිටින ගොවීන්, ගංව­තු­රට මුහු­ණදී සිටින පිරිස්, කුඹුරු හා ජලය ආශ්‍රි­තව වෙනත් රාජ­කාරි කට­යු­තු­වල නිත­රව සිටි­න්නන්, පතල් ආශ්‍රි­තව සහ ජලය ආශ්‍රිත රැකියා කර­න්නන් මී උණ රෝග­යට ගොදුරු වීමේ වැඩි අව­දා­න­මට ලක්වන බවත් ඇය ප්‍රකාශ කළාය.

තද උණ, තද­බල මස්පිඬු වේද­නාව, ඇස් රතු වීම යනා­දිය මී උණ රෝග ලක්ෂණ වන අතර ඒ සමඟ වම­නය, හිස­ර­දය, ශරී­රයේ අප්‍රා­ණික බව, මුත්‍රා සමඟ ලේ පිට­වීම, මුත්‍රා පිට­වීමේ අඩු­කම වැනි රෝග ලක්ෂණ ද ඇති විය හැකි බවයි.

මෙම රෝග ලක්ෂණ පව­තින්නේ නම් ඉක්ම­නින් ප්‍රති­කාර ලබා ගැනී­මෙන් රෝගය දරුණු මට්ට­මට පැමි­ණීම වළ­ක්වා­ගත හැකි බවත් එසේ නොවු­ණ­හොත් වකු­ගඩු, අක්මාව, මොළය ඇතුළු ශරී­රයේ අව­යව සඳහා දැඩි හානි පමු­ණු­වන අතර මර­ණ­යට පවා පත් විය හැකි බවත් ඇය පැව­සු­වා.

කුඹුරු හා ජලය ආශ්‍රිත රැකියා සඳහා යොමු­වන පිරි­සට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් ප්‍රති­ජී­වක ඖෂධ දෙන බවත් ඒ අනුව තමන්ගේ ප්‍රදේ­ශ­යට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කාර්යා­ලයේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රයා මඟින් අදාළ ප්‍රති­ජී­වක ඖෂධ නොමිලේ ගත හැකි බවත් ඒ මහ­ත්මිය ප්‍රකාශ කළා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...