spot_img
spot_img

ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් ඩොලර් මිලියන 100ක්

මෙරට ජල­ස­ම්පා­දන හා සනී­පා­ර­ක්ෂක ක්ෂේත්‍රයේ සංව­ර්ධ­නය වෙනු­වෙන් ආසි­යානු සංව­ර්ධන බැංකුව මඟින් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 100ක සහන ණය මුද­ලක් ශ්‍රී ලංකා රජ­යට ලබා දීමට සැල­සුම් කර ඇතැයි ආසි­යානු සංව­ර්ධන බැංකුවේ නියෝජ්‍ය නේවා­සික අධ්‍යක්ෂ චොල්පොන් මෙම්බ­ටෝවා මහ­ත්මිය පැවසුවා.

ඇය මේ බව පැව­සුවේ ආසි­යානු සංව­ර්ධන බැංකුවේ නියෝ­ජිත පිරි­සක් හා නාග­රික සංව­ර්ධන, ඉදි­කි­රීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරු­ණා­ති­ලක මහතා අතර ඊයේ (11) අමා­ත්‍යාං­ශයේ පැවැති සාක­ච්ඡා­ව­ක­දීයි.

ආසි­යානු සංව­ර්ධන බැංකුව මඟින් ක්‍රියා­ත්මක කරන නාග­රික සංව­ර්ධන හා ජල­ස­ම්පා­දන ව්‍යාපෘ­ති­වල ප්‍රග­තිය සම්බ­න්ධ­යෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

නාග­රික සංව­ර්ධන හා ජල­ස­ම්පා­දන අමා­ත්‍යාං­ශයේ ආය­තන 03ක් මෙම ජල ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා ඒකා­බ­ද්ධව පූර්ණ සහ­යෝ­ගය ලබා දෙන බව පැවසූ ඇමැ­ති­ව­රයා ආසි­යානු සංව­ර්ධන බැංකුව ශ්‍රී ලංකාව වෙනු­වෙන් ලබා­දෙන ආධාර හා ණය පහ­සු­කම් වෙනු­වෙන් ස්තූතිය පළ කළා.

මෙම සාක­ච්ඡාව සඳහා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ද එක් වූ අතර ආසි­යානු සංව­ර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නාග­රික සංව­ර්ධන විශේ­ෂඥ පෙඩ්රෝ අල්මේදා මහතා සහ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිල­ධාරී කමල් දහ­නා­යක, අමා­ත්‍යාංශ ලේකම් රංජිත් වීර­රත්න, ජාතික ජල­ස­ම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ සභා­පති ඩී.එන්. සුම­න­සේ­කර, එහි සාමා­න්‍යා­ධි­කාරී ටී. භාර­ති­දා­සන් යන මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධාරී කණ්ඩා­ය­මක් සහ­භාගි වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...