spot_img
spot_img

ළඟ ළඟ එන උත්සව සමයේ බිත්තර වලට මොකද වෙන්නේ

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන සංගමය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය තරම් බිත්තර තොග වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.එහි සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 35 ත් 36 ත් අතර පවතින බවයි.

කෙසේ වෙතත්, එළඹෙන උත්සව සමයේ සැපයුම සහ ඉල්ලුම අනුව බිත්තර මිල තීරණය වනු ඇති.

මෙම කාලය තුළ බිත්තරයක මිල රුපියල් 45ක් ලෙස පවත්වා ගැනීම තම අරමුණ බව ද එම සංගමය ප්‍රකාශ කළා.

එමෙන්ම, සහල් සහ බඩඉරිඟු මිල ඉහළ යාම හේතුවෙන් බිත්තර නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසුවා.

මීට අමතරව, කුකුළු මස් නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බවත්, වෙළඳපොළට කුකුළු මස් අඛණ්ඩව සැපයීම සහතික කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවත් ඔහු සදහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...