spot_img
spot_img

ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව – මුර්දු ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණී ප්‍රනාන්දු පත් කර තිබෙනවා.

වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය දෙසැම්බර් 02 වන දා විශ්‍රාම යාමෙන් පසුව පුරප්පාඩු වන අගවිනිසුරු ධූරය සඳහා ඇය නම් කෙරුණා.

ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව ලෙස මුර්දු ප්‍රනාන්දු ඉතිහාසගත වනු ඇති.

මොරටුව ප්‍රදේශයේ උපත ලැබූ මුර්දු ප්‍රනාන්දු, මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ද කටයුතු කර ඇති ඇය පාසල් විවාද කණ්ඩායමේ හොඳ ම විවාදිකාව සහ විශිෂ්ටතම ශිෂ්‍යාව ලෙස ද අගැයීම් ලබා තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ගත් ඇය, ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීති විභාගයේ ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින් ශ්‍රීමත් ලලිතා රාජපක්ෂ අනුස්මරණ ත්‍යාගය මෙන් ම ඒ.බී. කුරේ අනුස්මරණ ත්‍යාගය ද ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

පසුව, ඇය ලන්ඩන් කිංග්ස් විද්‍යාලයෙන් නීතිපති උපාධිය හිමි කර ගත්තා.

ඇය 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව ඇති අතර, 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධූරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධූරයටත් උසස්වීම් ලබා තිබෙනවා

2018 වසරේ මාර්තු මාසයේදී මුර්දු නිරූපා බිඳුෂිණී ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කළා.

2024 වසරේ ඔක්තෝබර් 10 වන දා ඇය වැඩබලන අගවිනිසුරු ධූරයට පත් කරන ලද අතර, නොවැම්බර් 16 වන දා නව අගවිනිසුරුවරිය ලෙස පත් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කළා.

විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණී ප්‍රනාන්දු අගවිනිසුරුවරිය ලෙස පත් කිරිම “විශිෂ්ට පත්වීමක්” ලෙස සිවිල් ක්‍රියාකාරිණියක වන නීතිඥ භවානි ෆොන්සේකා X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

“වෘත්තියමය අවංකභාවය නිසාවෙන්” විනිසුරුවරිය දශක ගණනක් පුරා ගෞරවය උපයාගෙන ඇතැයි ද එම පණිවුඩයේ සඳහන් වේ.

“දෙයක් වේ නම් යම් සුදුස්සාට ම අයිති විය යුතු” ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සුනන්ද දේශප්‍රිය අගවිනිසුරුවරියගේ පත් කිරීම අගය කරමින් සිය X ගිණුමේ සටහනක් තබා තිබුණා.

කතාබහට ලක්වූ ඇගේ නඩු තීන්දු රැසක්ම තිබෙනවා..

මෙරට කතාබහට ලක්වූ නඩුකර කිහිපයකදී ම මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කර තිබේ.

2018 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ සිද්ධිය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලද සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ද ඇය විනිසුරුවරියක ලෙස කටයුතු කළා ය.

එමෙන් ම පාස්කු දින බෝම්බ ප්‍රහාර සම්බන්ධව මූලික අයිතිවාසිකම් කඩ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් කරමින් පවරා තිබූ පෙත්සම් විභාග කළ සත් පුද්ගල විනිසුරු මණ්ඩලයේ ද ඇය සමාජිකාවකි.

මරණීය දණ්ඩනය හිමිව සිරදඬුවම් විඳිමින් සිටි හිටපු හමුදා සෙබළෙකු වු සුනිල් රත්නායකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමාව ලබා දීමට එරෙහිව ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී විනිසුරුවරියක් ලෙස කටයුතු කළ ඇය පසුව එම නඩු විභාගයෙන් ඉවත් විය.

මරණ දඬුවමට එරෙහිව සුනිල් රත්නායක ගොනු කළ අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකාවක ලෙස කටයුතු කළ බැවින් නඩුවෙන් ඉවත් වන බව විනිසුරුවරිය දැනුම් දී තිබිණි.

රට තුළ මතු වී තිබූ ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි 2023 වසරේ නොවැම්බර් 14 වන දා තීන්දු කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ද මුර්දු ප්‍රනාන්දු සාමාජිකාවක විය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු සැලසුම් කරමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා 2024 ජුලි මාසයේ සී.ඩී. ලෙනව ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ද ඇය එක් විනිසුරුවරියක් විය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...