spot_img
spot_img

අර්බුද මැද සිලින්ඩරයටත් හොරෙන්ම රවීගේ නම ගැසට් කරලා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර තිබෙනවා

මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චිහි P. සත්‍යලිංගම් මහතා යන අයගේ නම් ද ගැසට් කර තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා එම පක්ෂයේ මහලේකම්වරිය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව අවසන් තීරණය හෙට ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු පවසා සිටියේ පක්ෂ මහලේකම්වරිය විසින් ගත් මෙම තීරණය සම්බන්ධව පක්ෂයේ කිසිවෙකු නොදැනුවත්ව සිටි බවයි.

එමෙන්ම ලැබුණු මන්ත්‍රීධුර දෙක සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තලතා අතුකෝරල මහත්මියත් පොදුජන පෙරමුණෙන් කංචන විජේසේකර මහතාත් පත් කිරීමට යෝජනා වූ බවද ඔහු පවසා සිටියා.

ඊයේ (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසුවේ

“ප්‍රධාන වශයෙන් ඒ කාරණය ගැන අද එක්සත් ජාතික පක්ෂයේ අපේ සාකච්ඡාවේදී පැන නැගුණා. මේ පිළිබඳ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග අනෙකුත් දේශපාලන පක්ෂ සාකච්ඡා කරමින් තිබුණා.සාකච්ඡා කරමින් තිබෙන අතරතුරදී එක්සත් ජාතික පක්ෂය නොදැනුවත්ව රවිගේ නම සිලින්ඩරේ හිමි දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් කළා කියලා දැනගන්නට ලැබිලා තියෙනවා… පක්ෂය හැටියට අපි කල්පනා කලේ මේ නියෝජනයට තලතා අතුකෝරල මැතිනිය හෝ රොනල්ඩ් පෙරේරා යවන්න. ඒ පිළිබඳ නිසි තීරණයක් ගැනීමට ප්‍රථම මෙවැනි කාරණයක් සිදුවෙලා තියෙනවා

මේ ප්‍රශ්නය පිළිබඳව අපි කණ්ඩායමක් විදිහට එකට ක්‍රියාකරලා තියෙන නිසා අද උදේ 10.00ට අනෙක් දේශපාලන පක්ෂ සමගත් සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. මේ පත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිවක් දැන නොසිටි බව ප්‍රකාශ කරන්න කැමතියි. “

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...