Saturday, May 9, 2026
spot_img
spot_img

පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

වසර 05ක ව්‍යාපෘති කාලසීමාවක් සහිතව කිලෝමීටර 100,000ක මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන 2020 වර්ෂයේදී ආරම්භ කළා.

2023 වර්ෂයේ සිට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එකී වැඩසටහන යටතේ මේ වන විට රුපියල් බිලියන 28.37ක හිඟ බිල්පත් පියවීමට ඉතිරිව පවතිනවා.

එමෙන්ම, අත්‍යවශ්‍ය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2024 වර්ෂයේදී රුපියල් බිලියන 20ක් වෙන් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ කිලෝමීටර 1,000ක් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස හඳුනාගනු ලබනවා.

එම වැඩසටහන් දෙක යටතේ නිරවුල් කළ යුතුව පවතින හිඟ බිල්පත් පියවීම සඳහා 2024 වර්ෂය වෙනුවෙන් අමාත්‍යාංශය වෙත වෙන්කර ඇති නමුත් මේ දක්වා භාවිත කර නොමැති ප්‍රතිපාදන කළමනාකරණය කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...