spot_img
spot_img

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) කොළඹට කැඳවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කොළඹට කැඳ වූ බවයි.

මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම ඡන්ද ගණන් කිරීමේ කටයුතු මෙන්ම ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් යොමු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරී සඳහා යොදවන ජ්‍යේෂ්ඨ නිලධාරීන් පුහුණු කිරීම්ද මේ වනවිට අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පැවසුවේ, මැතිවරණ කොමිසම ද අද රැස්වන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...