spot_img
spot_img

පාස්පෝට් පෝලිම ගැන ඇමති විජිතගෙන් ප්‍රකාශයක්

පාස්පෝට් ලබාගැනීම සඳහා දිනයක් ලබාගැනීමට ඔන්ලයින් ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

එම ක්‍රමවේදය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වී තිබුණා.

අමාත්‍යවරයා පැවසුවේ, අවශ්‍යතාවයට සරිලන ලෙස හිස් පාස්පෝට් එක්වර ගෙන්වා ගත නොහැක්කේ පෙර රජය සහ සැපයුම්කරු අතර ඇතිව තිබූ එකඟතාවයකට අනුව බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“කොටස් වශයෙන් දැන් පාස්පෝට් ලැබෙනවා. ඔක්තෝබර් මාසයේ 50,000ක්, නොවැම්බර් අග ලක්ෂයක්, දෙසැම්බර් අග ලක්ෂයක්, ඒක තමයි ඒ අය ඇවිත් තිබුණු එකඟතාවය. මේ 750,000 එකවර ගෙන්න ගන්න ඒ අදාළ ආයතනයත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ ප්‍රශ්නයත් එක්ක තමයි ඇත්තටම අපිට ජනතාවට ඉල්ලුමට සරිලන පාස්පෝට් ප්‍රමාණයක් ලබාදෙන්න අපහසු තත්ත්වයක් මතු වුණේ. මේක අපි ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි. අත්දැකීම හා පළපුරුද්ද තියෙන අය නිර්මාණය කරපු අර්බුදයක්. ඒක විසඳන්න අපි උත්සාහ කරලා දැන් අපි බොහෝදුරට විසඳලා තියෙනවා. පළමුව අපි පාස්පෝට් ගෙන ඒමට මැදිහත් වුණා. දැන් ඒ වැඩේ හරි. දැන් තියෙන්නේ ක්‍රමවේදයකට අනුව පාස්පෝට් ලබාදෙන්න. ඒ සඳහත් අපි මැදිහත් වුණා එහෙම මැදිහත් වෙලා ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් ලබාදීම දැන් ආරම්භ කරලා තියෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. කියන්න සතුටුයි හදිසි අවශ්‍යතා කියන කැටකරි එක යටතේ බොහෝ අය ඉල්ලා තියෙනවා. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඔන්ලයින් හරහා දැන් බොහෝ පිරිසක් මේ පැය කිහිපය තුළ ඉල්ලුම් කරලා තියෙනවා. අද අර තිබුණු පෝලීම නැහැ. දැන් මේ නොවැම්බර් මාසය සඳහා පාස්පෝට් ලබාදීම කලින් දින නියමකර ගත් ඒ කියන්නේ ටෝකන් එක ලබාගත් ආකාරයටම නිසි පරිදි දෙපාර්තමේන්තුව හරහා ඒවා ලබාදෙනවා. අලුතෙන් ඇණවුම් කරන අයට දිනයක් වෙලාවක් වෙන් කර ගැනීමට අයට ඔන්ලයින් ක්‍රමවේදය යටතේ අද සිට ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ තත්ත්වයට අදාළ විසඳුම් අපි ලබාදීලා තියෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...