spot_img
spot_img

සජිත් ගැන කලකිරිලා මාන්නප්පෙරුම බෑ කියලා

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසුවා.

ඒ මහතා පවසන්නේ, තමා ගම්පහ ආසන සංවි­ධා­යක ධුර­යෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂ සංවි­ධා­යක වරුණ දීප්ත රාජ­පක්ෂ මහතා පත් කිරී­මට සමගි ජන බල­වේ­ගයේ නාය­ක­ත්වය ගනු ලැබූ අධූ­ර­දර්ශී ක්‍රියා­වට විරෝ­ධය පළ කර­මින් මෙවර මැති­ව­රණ සටනින් ඉව­ත්වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් මාන්නප්පෙරුම :

“මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න අපේක්ෂකයෙක්. ඒ වගේම ගම්පහ ආසනයේ අවුරුදු 20ක සිට සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ. නමුත් මම මෙවර අපේක්ෂකයෙකු ලෙස සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ඉදිරිපත් කළත්, මම ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටීමටයි අදහස් කළේ.

මම විශේෂයෙන්ම කියනවා සමගි ජන බලවේගය සමග තවදුරටත් ක්‍රියාකරන්න අකමැති නිසා ඒ ඡන්දය මම වෙනුවෙන් පාවිච්චික කරන්න එපා කියලා මම ඉල්ලනවා. මොකද සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නායකයා ගැන දැඩිලෙස කලකිරිලා කථාකරන්නේ. මට නොමිනේෂන් අත්සන්කරලා පැය 24ක් යනකොට ගම්පහ ආසනයේ මගේ ආසන සංවිධායක ධුරය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිහට වැඩකරපු පුද්ගලයෙකුට මට හොරෙන් ලබා දීලා. එය මම දැඩි ලෙස කලකිරීමට හේතු වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...