spot_img
spot_img

කලාකරුවන් 11ක් මෙවර ඡන්ද බිමේ

ජනප්‍රිය කලාකරුවෝ රැසක් මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂවලින් තරඟ කරනු ලබනවා.

ඒ අනුව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා මයික්‍ර ෆ්‍රෝනය ලකුණින් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් ගම්පහ දිස්ත්‍රික්කයටත් ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා උවිදු විජේවීරගේ දෙවෙනි පරපුර පක්‍ෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් තරඟ වදිනවා.

මාධ්‍යවේදියකු සහ රංගන ශිල්පියකු වන විමල් කැටපේආරච්චි මහතා කොළඹ දිස්ත්‍රික්කයටත් රංගන ශිල්පී සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජගත් මනුවරණ මහනුවර දිස්ත්‍රික්කයටත්, ජාතික ජන බලවේගයෙන් තරග කරනු ලබනවා.

එමෙන්ම රංගන ශිල්පි චමිලා පීරිස් මහත්මියද ජාතික ජන බලවේගයෙන් තරඟ කරනු ලබන අතර සම්මානනීය සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.

රංගන ශිල්පිනී අනූෂා දමයන්ති, රංගන ශිල්පී ජයන්ත කැටගොඩ සහ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

තවද ජනප්‍රිය රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා මෙවර මහ මැතිවරණය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට ඉදිරිපත් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...