spot_img
spot_img

රාජපක්ෂ පවුලේ කවුරුත් මෙවර ඡන්දේට නෑ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම විශේෂත්වයක් වී තිබෙනවා.

1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ අපේකෂයෙකු ලෙස ඩී.එම්.රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ දේශපාලන ආරම්භ කළ රාජපක්ෂ පවුල මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය නොකිරීම දැඩි කතාබහට ලක්වන කරුණක්.

ඩී.එම්.රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ දේශපාලනය ආරම්භ කර අතර ඉන්පසු ඩී.ඒ.රාජපක්ෂ ,ලක්ෂ්මන් රාජපක්ෂ ,ජෝර්ජ් රාජපක්ෂ ,මහින්ද රාජපක්ෂ , චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ , නාමල් රාජපක්ෂ ,නිරූපමා රාජපක්ෂ සහ ශ්‍යාම්ලාල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ සාමාජිකයින් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයන් ලෙස වරින්වර ඉදිරිපත් වුණා.

කෙසේවෙතත් හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස නම් කර තිබෙනවා.

එමෙන්ම මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කය සදහා තරඟ වදින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක කණ්ඩායමේ නායකත්වයෙන් හිටපු විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඩි.වී. චානක මහතා නාමයෝජනා බාර දුන්නා.

නාමල් රාජපක්ෂ විසින් මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවීමට හේතුව ලෙස ඔහුගේ සමීපතයින් වෙත පවසා තිබෙන්නේ ඩී.වී.චානක හම්බන්තොටින් පාර්ලිමේන්තුවට පිවිසිමට අවස්ථාව ලබා දීම සඳහා බවයි.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් නාම යෝජනා ලබා දීම සිදු වුයේ ඩී.වී.චානකගේ ප්‍රධානත්වයෙන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...