spot_img
spot_img

දමිතා සජබ ලැයිස්තුවෙන් එළියට

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බවට වාර්තාවනවා.

ඇය මහා මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.

දමිතා අබේරත්න මහත්මිය තමා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බව ඊයේ (10) මාධ්‍යට පැවසුවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ හේශා විතාන මහතා සඳහන් කළේ ඇය කලාකාරිනියක් වශයෙන් පක්ෂයට කොතෙක් සහයක් ලබා දුන් රත්නපුර දිස්ත්‍රික්ක ලැයිස්තුවට පිටින් ආනයනය කරන අපේක්ෂකයින් ඇතුළත් නොකිරීමට තීරණය කළ බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...