spot_img
spot_img

රජයේ වාහන ගැන ජනතාවගෙන් තොරතුරු ඉල්ලලා

රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මේ බව සඳහන් කළා.

පොලීසිය පවසන්නේ, රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචා සහගත ලෙස හෝ නීතිවිරෝධීව සඟවා තිබෙන බවට හෝ යම්කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට යම් තොරතුරක් දන්නේ නම් වහාම දැනුම්දෙන ලෙසයි.

එමෙන්ම යම් යම් ස්ථානවල නවතා තබා අබලන්වීමට ඉඩහැර තිබෙන බවට තොරතුරක් දන්නේ නම් දැනුම්දෙන ලෙසද පොලීසිය පවසනවා.

මෙම දුරකථන අංකය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක බවද දැනුම්දෙනවා.

තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවත් තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය හෙළිකිරීම අත්‍යවශ්‍ය නොවන බවයි පොලීසිය පවසන්නේ.

නමුත් සත්‍ය තොරතුරු පමණක් ලබාදිය යුතු අතර අසත්‍ය තොරතුරු ලබා දෙන්නන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බවද පොලීසිය අවධාරණය කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...