spot_img
spot_img

තවත් පිරිසක් මහ ඡන්දෙට නොඑයි

හිටපු මැතිඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අතර පසුගිය රජයේ කැබිනට් ඇමතිවරුන්ද සිටිනවා.

පසුගිය‍ ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බව තහවුරු කර තිබෙනවා.

එමෙන්ම පසුගිය ආණ්ඩුවේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව සඳහන් කළා.

එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව අද සඳහන් කළා.

එක්සත් ජතික පක්ෂයේ උපලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.

2015 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ අකිල විරාජ් කාරියවසම් මහතා කලක් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අතර ඉන්පසුව ජනාධිපති උපදේශක ධූරයක් දරනු ලබනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...