spot_img
spot_img

ශිෂ්‍යත්ව විභාගයේ ස්වාධීන කමිටු වාර්තාව එළියට

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අග්‍රාමාත්‍යවරිය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍යවරිය වෙත ලබා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.

ශිෂ්‍යත්ව විභාගය පවත්වා අදට දින 25ක් ගත වුවත් එහි ඇගයීම් කටයුතු තවමත් ආරම්භ වී නැහැ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයිම් කටයුතු තාවකාලිකව නතර කර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා නියෝග කළා.

ජනාධිපතිවරයා මෙම නියෝගය කරනු ලැබුවේ ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස දෙමාපියන් කරනු ලැබූ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙසයි.

කෙසේවෙතත්, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට විද්වත් කමිටුව ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි.

එහෙත් එම කමිටුව විසින් ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා තවත් ස්වාධීන කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍යවරිය විසින් පසුගිය දා පියවර ගත්තා.

එම කමිටුවේ වාර්තාව ද පසුගිය දා ඇය වෙත භාර දීමටයි කමිටුවේ නියෝජිතයින් පියවර ගත්තේ.

කෙසේ වෙතත්, තවමත් ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සිදු කරනවා ද නැද්ද යන්න පිළිබදව තමන් වෙත උපදෙස් ලබා දී නැති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම, මානව හිමිකම් කොමිසමට දෙමාපියන් විසින් සිදු කළ පැමිණිලිවලට අනුව අධ්‍යාපන අමාත්‍යංශයට සහ විභාග දෙපාර්තමේන්තුව නියෝග කළේ, අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගන්නා ලෙසයි .

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිට වී ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළා.

ඒ අනුව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලැසුම් අධ්‍යක්ෂවරයා සහ අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...