spot_img
spot_img

දිලිත් ගම්පහින් මැතිවරණ සටනට

ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙවර මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙනවා.

ඒ සඳහා නාමයෝජනා අත්සන් තැබීම අද (10) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණා.

ඊට අමතරව මව්බිම ජනතා පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ ගම්පහ දිස්ත්‍රික් නායක මිලාන් ජයතිලක මහතාද නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුකර තිබෙනවා.

සර්වජන බලය අද කොළඹ දිස්ත්‍රික්කය සඳහා ද නාමයෝජනා භාර දෙනු ලැබුවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මහර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඇතුළු සාමාජිකයින් 16 දෙනෙකු ඊයේ (10) සර්වජන බලය සමඟ එක්ව තිබුණා.

එහිදී ඔවුන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධුර පිරිනමා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...