spot_img
spot_img

හිටපු අමාත්‍යවරයෙක්ගේ බැංකු ගිණුම් දෙකකට තහනමක්

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (10) කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...