Tuesday, May 5, 2026
spot_img
spot_img

පොල්තෙල් කියලා විෂ තෙල් වර්ගයක් ආනයනය කරලා

පොල්තෙල් බව පවසමින් විෂ තෙල් වර්ගයක් ආනයනය කර විකිණීමට කටයුතු කර ඇති බව සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (05) පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ වන විට කිලෝ ග්‍රෑම් මිලියන 80000කට වඩා වැඩි කෘත්‍රිම තෙල් ප්‍රමාණයක් පොල්තල් යැයි පවසමින් ආනයනය කර තිබෙන බවයි ඔහු පවසන්නේ.

මෙම තෙල් ආනයනය කිරීමට ආනයනකරුවන් විසින් ඩොලර් මිලියන 110කට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කර ඇති බවද ඔහු පෙන්වාදෙනවා.

බුද්ධික ද සිල්වා මහතා පවසන්නේ, එම තෙල් මෙරටට ආනයනයකර ස්වභාවික තෙල් යැයි පවසමින් සමාජගත කරන බවයි.

එවැනි තෙල් භාවිතාව නිසා පිළිකා සහ අක්මා රෝග බහුල වශයෙන් වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දෙනවා,

ආනයනය කරන ලද එම තෙල් තොගය මෙරටට ගෙන්වීමේදී පිළිපැදිය යුතු නීති උල්ලංඝනය කර ඇති බව ඔහු සදහන් කළා.

එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ, එම ආනයනික පොල්තෙල් හි දැඩි ලෙස ඇෆ්ලටොක්සින් ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි බවයි.

මේ පිළිබඳව වත්මන් රජයේ අවධානය යොමු කර නිසි නීති රීති ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය හමුවට එක්වෙමින් බුද්ධිකද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...